ඒ. ඇම්. රාජා උපත ලබන්නේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ රාමචන්ද්රපුරම් හිදී, 1929 පූලි මස 01 වැනිදා. ඉපදී තුන් මසක් ගිය තැන සිය පියා මිය යෑම නිසා රාජා ගේ පවුලේ අය මදුරාසියේ (වර්තමානයේ චෙන්නායි) වාසයට පැමිණියා. බී. ඒ. උපාධිය ලබා ගැනීම දක්වා උගෙන ගනිද්දී, පියානෝ වාදනයට හා ගායනයට ඔහු බොහෝ තෑගි දිනා තිබුනා. කර්නාට හා බටහිර සංගීතයෙහි ඉතා හොඳ පරිචයක් ලත් රාජාට හින්දි හා ගසල් සංගීතයෙහි ද නැඹුරුවක් තිබුනා. බී. ඒ. උපාධිය සඳහා විශ්ව විද්‍යාලයේ ඉගැනීම් කරණ අතරතුර, රාජා තම මවු බස වූ තෙළිඟු බසින් ඔහුම ලියා තනු යොදා ගී දෙකක් නිර්මානය කළා. ඒ ගී සංගීත අධ්යක්ෂ කේ. වී. මහදේවන් ගේ උදවු ඇතිව එච්. එම්. වී. තැටි වලට ගෙන ඕල් ඉන්ඩියා රේඩියෝ හී ප්‍රචාරය කළා. මේ ගී වලට සවන් දුන් ජෙමිණි ස්ටුඩියෝ හී අධිපති එස්. එස්. වාසන් තමාගේ දෙවන චිත්‍රපටය “සංසාරම්” සඳහා රාජාව වෙන්කර ගන්නා ලෙස, ඔහුගේ සංගීත අධ්යක්ෂ එමානි සංකාරා සාශ්ත්රිට පවසා සිටියා. මේ චිත්‍රපටයෙන් රාජාට ඉතා ක්ෂණික ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඔහු භාෂා කිහිපයකින්ම තම නිර්මාන කළා. ජනප්‍රියත්වය ඔහු පසු පස හඹා ආවා. තෙළිඟු, ද්‍රවිඪ, මලයාලම් හා කන්නඩ සිනමා ක්ෂේත්‍ර වල ඔහු එකසේ ජනප්‍රිය වුනා.
ඒ. ඇම්. රාජා (සම්පූර්ණ නම – Aemala Manmatharaju Rajah)
ගායකයකු ලෙස ඔහුගේ පළමු තෙළිඟු චිත්‍රපටය – ආදර්සම් (1952). ගායනයෙන් හා රගපෑමෙන් තෙළිඟු චිත්‍රපටය – Pakkinti Ammay (1953)
ඔහුගේ ප්‍රථම මලයාලම් චිත්‍රපට ගීය වුනේ “ලෝකනීති” (1953) චිත්‍රපටයේ ගීයක්.
ඔහුගේ දායකත්වය ලද සිහල ගී කිහිපයක්
ගෙයක් ගානෙ (චිත්‍රපටය – දොස්තර)
හර්දෙහී මා (චිත්‍රපටය – වරද කාගෙද)
ඉංගිරීසි වැස්සක් (චිත්‍රපටය – අහංකාර ස්ත්‍රී)
ලෝකය පෙරළෙයි (චිත්‍රපටය – අහංකාර ස්ත්‍රී)
සිහිල් සුළං (චිත්‍රපටය – සුකොමලී)
ප්‍රීතියෙන් සතුටින් ඉමු (ජමුනා රාණි සමග)
පෙම් කැකුළ පිපී (චිත්‍රපටය – සැඩ සුළං, ජමුනා රාණි සමග)
1952 දී ඔහුට සංගීත අධ්යක්ෂණයට ලැබුණු අවස්ථාවක් ලැබුනත් භාර නොගෙන එය ඔහු එම්. එස්. විශ්වනාදන් ට පවරණවා. එම්. ජී. ආර්. රඟපෑ එම චිත්‍රපටය “Genova”. නුමුත් මේ චිත්‍රපටයේ සියළුම ගී ගයන්නෙ ඔහු. 1958 දී නිපදවූ “ශෝභා” නම් තෙළිඟු චිත්‍රපටයේ පළමු වරට ඔහු ගී නිර්මානය කරණවා. කෙසේ නමුත් 1959 දී “කල්‍යාණ පරිසු” චිත්‍රපටයෙන් තමයි ඔහු සංගීත අධ්‍යක්ෂක වරයෙක් වෙන්නෙ.
ඔහුගේ සංගීත දිවියෙහි නිර්මාන ලැයිස්තුව
http://en.wikipedia.org/wiki/A._M._Raja_(musician) වෙතින් ලබාගන්න පුළුවන්.
ඔහු විවාහ වුනේ ජනප්‍රිය ගායිකා ජී. ක්රිෂනාවේනි සමග. ඇය “ජික්කි” ලෙසයි ජනාදරයට පත්ව සිටියෙ. අපේ සිංහල ගී කිහිපයක්ම ඇය ගායනා කරලා තියෙනවා. රාජාට හා ජික්කිට දූවරු හතර දෙනෙක් හා පුතුන් දෙදෙනෙක් ඉන්නවා. ධාවනය වෙමින් තිබූ දුම්රියකට නැගීමට යාමේදී දුම්රිය මගට වැටීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතක්ෂයට පත් වෙනවා, ඔහුට වයස 60 දී. ඒ 1989 අප්‍රේල් 07 වැනිදා.
ජී. ක්රිෂනාවේනි – “ජික්කි”